අලුත් කොරෝනා ප්‍රභේදය තරුණ පිරිස්වලට ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන | COVID-19 HOT NEWS - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

අලුත් කොරෝනා ප්‍රභේදය තරුණ පිරිස්වලට ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන | COVID-19 HOT NEWS


මේ වන විට හමුවී ඇති නව කොරෝනා ප්‍රභේදය වැඩි වශයෙන් තරුණ පිරිස්වලට ආසාදනය වීමේ තත්ත්වයක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම නව ප්‍රභේදය ආසාදනය වූවන්ට ශ්වසන අපහසුතා ඇති වන බව ද ඔහු පැවසීය.

"මෙතන තියෙන භයානකකම තමයි අපි පසුගිය කාලෙ දැක්කා වාර්තා වුණ රෝගීන්ගෙන් 90%ක් 95%ක් ම රෝග ලක්ෂණ නොපෙන්වන තත්ත්වයක් තමයි තිබුණෙ. නමුත් දැන් එන්න එන්න රෝග ලක්ෂණ පෙන්වන තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ඒ වගේ ම ඒ රෝග ලක්ෂණ පෙන්වන අයගේ වයස් කාණ්ඩය තරුණ පැත්තට හැරෙමින් යනවා. ඒ වගේ ම ඔවුන්ට ශ්වසන අපහසුතා වැඩිපුර ඇති වීමේ සම්භාවිතාවක් තියෙනවා. එතකොට ඔවුන්ට ඔක්සිජන් සහ දැඩි සත්කාර ඒකක අවශ්‍ය වෙනවා."
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Post a Comment

Post Bottom Ad