හරින් ප්‍රනාන්දු අත්තඩංගුවට? - හරීන්ගෙන් ප්‍රකාශයක් ගන්න යයි | Harin Fernando - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 21, 2021

හරින් ප්‍රනාන්දු අත්තඩංගුවට? - හරීන්ගෙන් ප්‍රකාශයක් ගන්න යයි | Harin Fernando


පොලිසිය විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමේ සූදානමක් පවතින බවට අද (22) උදෑසන සිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල රාවයක් පැතිර යමින් තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා සිදු කළ යම් යම් ප්‍රකාශයන්හි පරස්පරතා ඇති බව පව පවසමින් මෙම ප්‍රකාශය ගැනීමට සූදානම් වන බවද එම කතාබහෙන් කියවේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නොහැකි බවත්, එසේ ප්‍රශ්න කරන්නේ නම් එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරන බරපතළ හානියක් බවත්ය.

මේ සම්බන්ධයෙන් සිය පක්ෂය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Post a Comment

Post Bottom Ad