වැලිකඩ OIC පාර්ලිමේන්තුවට… කුට්ටිආරච්චිගෙන් ප්‍රකාශයක්.. හරීන් රෝහල් ගත වෙලා…. අත්අඩංගුවට ගනීවි යැයි වාර්තා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 22, 2021

වැලිකඩ OIC පාර්ලිමේන්තුවට… කුට්ටිආරච්චිගෙන් ප්‍රකාශයක්.. හරීන් රෝහල් ගත වෙලා…. අත්අඩංගුවට ගනීවි යැයි වාර්තා

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සිදු වූ ගැටුම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

ඒ අනුව වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ එම ගැටුමට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් පැමිණිල්ලක් සටහන් කරගෙන තිබේ.

මේ අතර වාර්තා වන්නේ එම ගැටුමට සම්බන්ධ වූ අනෙක් මන්ත්‍රීවරයා වන සමගි ජන බලවේගයෙ හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත වී ඇති බවයි.

අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත්තේ හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.

මේ අතර අදාළ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad