"අපිව මරල දාන්න මහත්තයෝ...ගමට එන්න එපා" - ගම්මු කතානායකට කියයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 27, 2021

"අපිව මරල දාන්න මහත්තයෝ...ගමට එන්න එපා" - ගම්මු කතානායකට කියයි - (video)

කතානායකවරයා ඇතුළු පිරිසකට මාතර වැලිගම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් සිය විරෝධතාවය පළ කර තිබෙනවා.

ඒ, එම ප්‍රදේශයේ සිදු කිරීමට යොජිත සංවර්ධන කටයුත්තක් පිළිබඳ සාකච්ඡාවට කතානායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක ඇතුළු පිරිසක් එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීයි.

යෝජිත කර්මාන්තපුරයක් මෙහි ඉදිකිරීමට බලාපොරොත්තුවන බව පැවසුවද කටුපොල් වගාව ආශ්‍රිතව සිය ජීවිකාව ගෙන යන ප්‍රදේශවාසීන් පවසා සිටියේ කසළ බැහැර කිරීමේ සැලසුමක් මේ පසුපස ඇති බවත් තමන්ගේ සුපුරුදු ජීවිකාව කරගෙන යාමට ඉඩ සලසන ලෙසත් ය.

මෙම කර්මාන්තපුරය හරහා රැකියා 5000ක් පමණ බිහිවන බැවින් ජනතාවට සුදුසුදේ සිදු කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා මෙහිදී කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad