ගුවන් තොටුපළ යළි විවෘත වෙයි. - ඉන්දියාවට සහ වියට්නාමයට තහනමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 31, 2021

ගුවන් තොටුපළ යළි විවෘත වෙයි. - ඉන්දියාවට සහ වියට්නාමයට තහනමක් !

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කටුනායක ගුවන් තොටුපල අද අලුයම යළි විවෘත කෙරුණා. දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සදහා පෙර දැනුම්දී තිබු සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කිරීම අනිවාර්ය බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ. ඒ අනුව එක් ගුවන් යානයකින් දිවයිනට පැමිණිය හැක්කේ ගුවන් මගීන් 75 දෙනෙකුට පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්  පී ඒ ජයකාන්ත කියා සිටියා.

කෙසේවෙතත් ඉන්දියාව සහ වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර හිමිනොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. මෙම නිවේදනය  ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබදතා පවත්වන සියලුම ගුවන් සේවා වෙත දන්වා තිබෙනවා. එමෙන්ම ඉකුත් දින 14 ක කාලය තුළ ඉන්දියාවේ සහ වියට්නාමයේ රැඳී සිටි හෝ එම රටවල ගුවන් තොටුපොළ අතරමැදි ගුවන් තොටුපළක් ලෙස භාවිතා කළ ශ්‍රී ලාංකිකයින්ට සහ වෙනත් සංචාරකයින්ටද  මෙම තහනම බලපැවැත්වෙනු ඇති.  

වියට්නාමයේ සිට පැමිණෙන පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ එරට තුළ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් පැතිරයාම හේතුවෙන් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ  අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්  පී ඒ ජයකාන්ත වැඩි දුරටත් සදහන් කළේ. 

ගුවන් තොටුපල විවෘත කළද සංචාරකයින් ද සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කිරීම අනිවාර්ය වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සදහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad