බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක දේශගුණික විපර්යාසයන්ට තිසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සාමාජිකයෙකු ලෙස පත්කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා මෙම පත්කිරීම සිදුකර ඇත්තේ පසුගිය 28 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි.
එම ගැසට් නිවේදනයට අනුව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට අමතරව තවත් අමාත්‍යවරුන් තිදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු ද මෙම කාර්ය සාධක බලකායට පත්කර තිබේ.
ඒ ගාමිණී ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල හා අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් එසේ පත් කළ සෙසු සාමාජිකයන්ය.
රසායනික පොහොර, කෘමි නාශක හා වල් නාශක වෙනුවට කාබනික පොහොර භාවිත කරමින් ස්වභාවික ගොවිතැනට පරිවර්තනයවීම සඳහා මාර්ග සිතියමක් සහ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීම ඇතුළු වගකීම් රැසක් මෙම කාර්ය සාධක බලකායට පවරා තිබේ.
No comments:
Post a Comment