මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාද කල දයා ගමගේට අයත් සමාගමේ මධ්‍යම අධිවේගී කොන්ත්‍රාත්තුව අවලංගු කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 31, 2021

මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාද කල දයා ගමගේට අයත් සමාගමේ මධ්‍යම අධිවේගී කොන්ත්‍රාත්තුව අවලංගු කෙරේ !

මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාද කල ⁣යහපාලන රජයේ හිටපු ඇමති දයා ගමගේට අයත් ඔලිම්පස් ඉදිකිරීම සමාගමේ කොන්ත්‍රාත්තුව කැබිනට් මණ්ඩලය අවලංගු කරයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන අදියරේ ඉදිකිරීම් ප්‍රමාද කළ යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන දයා ගමගේට අයත් ඔලිම්පස් ( olympus ) ඉදිකිරීම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔලිම්පස් (Olympus) කොන්ත්‍රාත් සමාගමට අයත් මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අවස්ථා කිහිපයකදීම ඔවුනට අවවාද කළත් දිගින් දිගටම ඔවුන් ඉදි කිරීම ප්‍රමාද කිරීම නිසා කැබිනට් රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ තීරණය ගත් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි .

මාර්ග ඉදිකිරීම සදහා අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දී තිබියදීත් ඔවුන්ගේ ඉදිකිරීම්වල ප්‍රමාදය නිසා සැළසුම් කළ දිනට මෙම අධිවේගී මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමට නොහැකි වූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි .

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය


No comments:

Post a Comment

Post Bottom Ad