මාස 10කට පසු ශානි එළියට එයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 15, 2021

මාස 10කට පසු ශානි එළියට එයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (16) දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අභියාචනාධිකරණය පියවර ගත්තේය.

සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගතවීම ද තහනම් කෙරුණි.

සැකකරුවන් පදිංචිව සිටින ලිපින වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවට ද ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේය.

මෙසේ අබේසේකර මහතාට ඇප ලැබුණේ මාස 10ක් රදවා තබා ගැනීමෙන් අනතුරුවය.

කෙසේවෙතත් යුරෝපා කොමිසම මගින් ජී.එස්.පී.ප්ලස් සහනය ලංකාවෙන් ඉවත් කරන බවට පසුගිය සතියේ යෝජනාවක් සම්මත කරගත් අතර එම යෝජනාවේ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීම සම්බන්ධයෙන්ද සදහන් කර තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad