බයිඩන් ගැහුවේ ගේමක්ද? චීන කතා කරන තානාපතිවරියක් ලංකාවට එවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 16, 2021

බයිඩන් ගැහුවේ ගේමක්ද? චීන කතා කරන තානාපතිවරියක් ලංකාවට එවයි !

ශ්‍රී ලංකාවේ අමෙරිකානු නව තානාපති ලෙස Julie Jiyoon Chung මහත්මිය නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පෙන්වා දෙයි.

දකුණු කොරියානු සම්භවයක් සහිත කාන්තාවක් වන Julie Jiyoon Chung මහත්මිය ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයිනේ ද තානාපති ලෙස නම් කර ඇති අතර චීන බස චතුරව හසුරුවනු ලබන කාන්තාවක් ලෙසද සැලකේ.

විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන ඇය අමත්‍යාංශ උපදේශකවරියක් ලෙස සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර ලේකම්වරියක් ලෙසත් මේ වනවිට කටයුතු කරනු ලබයි.

මීට පෙර Julie Jiyoon Chung මහත්මිය කාම්බෝජය, තායිලන්තය, ඉරාකය, කොලොම්බියාව, වියට්නාමය, ජපානය සහ චීනය යන රටවල අමෙරිකානු තානාපති කාර්යාලවල විවිධ තනතුරු දරා ඇති බවද වාර්තා වේ.

මේ වනවිට ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ලෙස කටයුතු කරන්නේ ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මියය.


No comments:

Post a Comment

Post Bottom Ad