රෝහිත රාජපක්‍ෂ සිටින නිවස කෝටි 30යි - නාගරික මන්ත‍්‍රී හෙලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 17, 2021

රෝහිත රාජපක්‍ෂ සිටින නිවස කෝටි 30යි - නාගරික මන්ත‍්‍රී හෙලි කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා දැනට පදිංචි වී සිටින නිවසේ වටිනාකම රුපියල් කෝටි 30ක් පමණ වන බව සමගි මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා සඳහන් කරයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටී.

කෙසේ නමුත් එම නිවස රෝහිත රාජපක්ෂ මහතාට අයත් හෝ ඔහුගේ නමින් ඇත්දැයි තමන් නොදන්නා බවත් දැනට ඔහු එම නිවසේ වාසය කරන බව පමණක් කිව හැකි බවත් ඔහු කියා සිටියේය.

එමෙන්ම රෝහිත රාජපක්ෂ මහතාගේ උපන්දිනය දිනයේ එහි පිරිසක් එක් රැස් වී සැමරුමක් පැවැත්වූ බවට ද ඔහු සඳහන් කළේය.

අප මේ සම්බන්ධයෙන් රෝහිත රාජපක්ෂ මහතාගෙන් විමසීමට උත්සාහ කළද ඔහු මෙතෙක් ඒ දක්වා ප්‍රතිචාර දැක්වූයේ නැත.

කෙසේ නමුත් අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගෙන් අප කල විමසීමකදී ඔහු කියා සිටියේ අදාල නිවසේ තම සහෝදරයා වාසය කරන්නේ කුලී පදනමින් බවය.

එමෙන්ම ඔහුගේ උපන් දිනය දා එහි කිසිම සාදයක් හෝ පුද්ගල එක්රැුස්වීමක් සිදු නොවූ බවත් ඔහු අප වෙත කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad