ආණ්ඩුවේ අලුත්ම කතාව : එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඉන්ධන වාෂ්ප වෙලා? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 16, 2021

ආණ්ඩුවේ අලුත්ම කතාව : එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඉන්ධන වාෂ්ප වෙලා?

කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉන්ධන ගබඩා තුළ ඉන්ධන නොමැති බව වාර්තා වේ. මේ බව නෞකාව ගලවා ගැනීමේ සමාගම විසින් ලිඛිතව දැනුම් දී ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ළහඳපුර මහත්මිය පවසන්නේ.

අදාල සමාගම විසින් දන්වා තිබෙන්නේ නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් පැවති උෂ්ණත්වය නිසා ටැංකි තුළ ගබඩා කර තිබූ ඉන්ධන වාෂ්ප වන්නට ඇතැයි අනුමාන කරන බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද සභාපතිවරිය පවසනවා.

නෞකාව ආසන්නයෙන් දෛනිකව ලබා ගන්නා ජල සාම්පල පරීක්ෂාවට ලක් කරන බවත් මේ දක්වා සාගර ජලයට ඉන්ධන මිශ්‍ර වී ඇති බවට තහවුරු වී නොමැති බවත් ළහඳපුර මහත්මිය පවසනවා.

නෞකාවේ ගින්න හේතුවෙන් සාගර පරිසරයට සිදුව ඇති හානිය සහ ආර්ථිකමය හානිය තක්සේරු කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා එක්සත් ජාතීණ්ගේ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. තිදෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම හෙට දිනයේදී මෙරටට පැමිණීමට නියමිත බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

-infosrilanka


No comments:

Post a Comment

Post Bottom Ad