චම්පික මෙල්ල කරන්න සජිත්ගෙන් දැඩි තීන්දුවක්! කළ යුතු දේ චම්පිකට දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 16, 2021

චම්පික මෙල්ල කරන්න සජිත්ගෙන් දැඩි තීන්දුවක්! කළ යුතු දේ චම්පිකට දන්වයි

සමගි ජනබලවේගයේ සාමාජිකත්වය රැගෙන පක්ෂයට එක්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට සමගි ජනබලවේගයේ මහලේකම් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

බත්තරමුල්ලේ පිහිටි රණවක අමාත්‍යවරයාගේ නිවසේදී සිදුවූ මෙම හමුවේදී රණවක මහතා කරන ලද ප්‍රකාශය ගැන ඔහුගෙන් විමසා තිබෙනවා.

සමගි ජනබලවේගයේ සාමාජිකත්වය රැගෙන පක්ෂයට එක්වන ලෙස මහලේකම් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබෙන අතර විවිධ ප්‍රකාශ නිකුත් කිරීම පක්ෂයේ එකමුතුකමට බාධාකාරීව බලපාන බවද ඔහු පෙන්වා දී තිබෙනවා. 

පක්ෂ මතය නොවේ

මෙම සිද්ධිය අලලා විවිධ මාධ්‍ය අර්ථකථන දී ඇති බවත් එය යහපත් නොවන බවත් මෙහිදී පාඨලී රණවක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙනවා. 

ඊට පිළිතුරු ලෙස රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා ඇත්තේ මාධ්‍යවල පලවන මතය පක්ෂ මතය නොවන බවයි.

හිටපු අමාත්‍ය රණවක පසුගියදා මාධ්‍ය හමුවක් තබමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම අනුව ඔහුගේ අනාගතය තීරණය වනු ඇතැයි යනුවෙන් කළ ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්වුණා.

- asianmirror


No comments:

Post a Comment

Post Bottom Ad