ගැටුමක් වැළකෙයි! කණ්ඩායම් රැස්වීම මහින්ද විනාඩි පහෙන් ඉවර කරයි!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 21, 2021

ගැටුමක් වැළකෙයි! කණ්ඩායම් රැස්වීම මහින්ද විනාඩි පහෙන් ඉවර කරයි!!

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පැවැති කෙටිම කණ්ඩායම් රැස්වීම ඊයේ (21) සවස ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කණ්ඩායම් රැස්වීමේදී මුල් මිනිත්තු දෙක තුන තුළ හෙට සහ අනිද්දා දින පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබද සාකච්ජා වී ඇත.

ඉන් අනතුරුව අදහස් දැක්වීම ආරම්භ කර ඇති අගමැතිවරයා ‘ආ එහෙනම් ඔක්කොම හරිනෙ… ඊයේ ජනාධිපතිතුමාගෙ උපන්දිනේනෙ. ඒකට පහළ කේක් එකක් ලෑස්ති කරලා තියෙනවා කපන්න. අපි ඒකට යමු…’ කියමින් කණ්ඩායම් රැස්වීම අවසන් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව සියලුම මැතිඇමැතිවරුන් රැස්වීමෙන් නැගිට පැමිණ ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් තෙල් මිල ඉහළ දැමීමේ ප්‍රශ්නය සහ ඒ සම්බන්ධයෙන් තමන් නිකුත් කළ නිවේදනය පිළිබද අද දිනයේදී කණ්ඩායම් රැස්වීමට පැහැදිලි කිරීමක් කිරීමට පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා සූදානමින් සිට ඇති බව වාර්තා වේ.

එමෙන්ම පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඒ පිළිබද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රශ්න කිරීමටද සූදානමින් සිට ඇත.

නමුත් අගමැතිවරයා කටයුතු කළ ආකාරයෙන් ඊයේ දින ඒ සියල්ල වැළකී ගොස් ඇති බව පැවසේ.

මෙම කණ්ඩායම් රැස්වීමට විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුලු ආණ්ඩුවේ කැරලිකාර පිල සහභාගී සිටි බවද දැනගන්නට තිබේ.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad