ඇමති නිවසක් ඉදිරිපිට ආරක්‍ෂකයෙකු වෙඩි තබයි.. අයෙක් මරුට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 21, 2021

ඇමති නිවසක් ඉදිරිපිට ආරක්‍ෂකයෙකු වෙඩි තබයි.. අයෙක් මරුට !

රාජ්‍ය ඇමති එස්. විලයාන්ද‍්‍රන් මහතාගේ මඩකලපුව සින්නවූර්ණි පිහිටි නිවස ඉදිරියේ අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇත.

පොලිසිය සදහන් කරන්නේ එම වෙඩි තැබීමෙන් වැලි ලොරියක රියදුරෙකු මියගොස් ඇති බවයි.

මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසිනි.

පොලිසිය පවසන්නේ රියදුරා සහ මෙම පොලිස් නිලධාරියා කලින් සිදුව ඇති බහින්බස් වීමක් නිසා මෙම වෙඩි තැබීම සිදු වන්වට ඇති බවයි.

සිදුවීම වෙද්දී රාජ්‍ය ඇමතිවරයා නිවසේ සිට නැති අතර වෙඩි තැබූ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad