දකුණු මුහුදේ ගිලුණු නැව් තුන් හාරසීයක් පමණ ඇති බවත්, එම ස්ථානවල මේ වනවිට ගල්පර නිර්මාණය වී මත්සයින් බිත්තර දැමීම වැනි කාර්යයන් සිදු කරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේ ය. එක් කාලකදී මිය ගිය කැස්බෑවන් වෙරළට ගොඩ ගැසීම සිදුවන්නක් බවද චමල් රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (20) පැවති උත්සවකදී සමුද්‍ර ජීවින් මිය යාම හා නෞකා අනතුර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලදී අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ ය.
තව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, නෞකාවෙන් මේ වන තෙක් තෙල් කාන්දුවක් සිදුව නොමැති බවත් නිසි අදහස් දැක්වීමක් කළ හැක්කේ පර්යේෂණයකින් අනතුරුව බවත් ය.
කෙසේ වෙතත් නෞකා අනතුර සම්බන්ධයෙන් රජය අවශ්‍ය කටයුතු සිදුකරන බව අමාත්‍යවරයා පැවසී ය.


No comments:
Post a Comment