සුදත් සමරවීරට විරුද්දව පොලිසියට පැමිණිලි කෙරේ.. බොරු කොරෝනා මරණ කියා රට අනතුරේ දාලාලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 21, 2021

සුදත් සමරවීරට විරුද්දව පොලිසියට පැමිණිලි කෙරේ.. බොරු කොරෝනා මරණ කියා රට අනතුරේ දාලාලු

වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීම පැහැර හැර ජාතික ආරක්ෂාව අනතුරට පත් කළැයි චෝදනා කරමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු එම ඒකකයේ වගකිව යුත්තන්ට එරෙහිව නිතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පොලිස්පතිවරයා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු රජයේ නිලධාරීන් කොරෝනා ආසාදිතව මියගිය අයගේ යැයි කියන සංඛ්‍යා ලේඛණ වැරදියට දක්වා සහ වෙනස් කර දක්වා ජන ජීවිතය පවත්වාගෙන යාම අනතුරට පත්කර, කොරෝනා රෝගය සම්බන්ධයෙන් ඇතුලූ ජනතාවට සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීමෙන් සහ ජාතික ආරක්ෂාව අනතුරට පත්කිරීමෙන් ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 289 වගන්තිය යයෙත් වැරදි කර ඇති බවට එම පැමිණීල්ලෙන් දක්වා ඇත.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර නිතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් එලෙස මිය ගිය අය සත්‍ය වශයෙන්ම කොරෝනා වයිරසයෙන් මිය ගිය අය ද යන්න සහ ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ නිවැරදි ඒවාද යන්න විමසා බලමින් මෙම පරීක්ෂණය මෙහෙවන ලෙසට කරන ලෙසට පැමිණීල්ලෙන් ඉල්ලා ඇත.

– lankadeepa


No comments:

Post a Comment

Post Bottom Ad