පියුමි-චන්දිමාල් එළියට එයි: කෙළින්ම මානව හිමිකම් කොමිසමට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 15, 2021

පියුමි-චන්දිමාල් එළියට එයි: කෙළින්ම මානව හිමිකම් කොමිසමට !

සංචරණ සීමා උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුකොට ගෙන බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයකට යැවුණු චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අද (16) දින, දින 14ක නිරෝධායන කාලය අවසන් කිරීමට නියමිතය.

ඒ අනුව හෙට දිනයේදී ඔවුන්ට නිවෙස බලා යාමට අවස්ථාව හිමි වේ.

කෙසේවෙතත් හෙට දිනයේ ඔවුන් මානව හිමිකම් කොමිසම හමුවට යාමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ, සාද පැවැත්වූ අනෙකුත් පුද්ගලයන් නිවෙසේ නිරෝධායනයට ලක් කර සිටියදී තමන් ඇතුලු කණ්ඩායමට වෙනස් ලෙස සලකමින් නිරෝධායන මධ්‍යස්ථානයකට යැවූ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටය.


No comments:

Post a Comment

Post Bottom Ad