කප්පං ගන්න මා හිගන්නෙක් නොවේ.. මට අක්කර 100ක ඉස්සන් වගාවක හිමිකරුවෙක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 21, 2021

කප්පං ගන්න මා හිගන්නෙක් නොවේ.. මට අක්කර 100ක ඉස්සන් වගාවක හිමිකරුවෙක්

අනුන්ගෙන් කප්පන් ගැනීමට තරම් තමන් හිඟන්නෙක් නොවන බවත් අක්කර සියයක ඉස්සන් කොටුවක් තමාට ඇති බවත් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. රාජය ඇමති ප‍්‍රියංකර ජයරත්න මහතා චෝදනා කරන ආකාරයට තමන් කිසි දිනක කප්පම් ගෙන නැති බවත් එසේ කප්පම් ගැනීමට හිඟන්නකු නොවන බවත් පවසන ඔහු තමනට කෝටි 15ක් පමණ වටිනා ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයක්, අක්කර සියයක ඉස්සන් වගාවක් ඇති බවත් පවසයි.

තම ඥාතීන්ටද ඉස්සන් වගා අක්කර දෙසීයකට වැඩිය ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ආනමඩුව ප්‍රදේශයේ වැසිකිලියක් හෝ නැති ජනතාවට බොරළු කොන්ත්‍රාත් කරුවන් ගෙන් වැසිකිලි පෝච්චියක් රැගෙන දී වැසිකිලි සකස්කර දීම කප්පම් ගැනීමක් නම් තමන් ඉන් එහාට ඒ සම්බන්ධයෙන් උත්තර නොදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කප්පම් ගන්නා දේශපාලඥයන් නිසා ආණමඩුව ආසනයේ බරපතල තත්ත්වයක් ඇති වී තිබෙන බවට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා එල්ල කළ චෝදනාවට පිළිතුරු ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad