පාලනය කළේ නැත්නම් තව සති 2කින් ලංකාවත් ඉන්දියාව වගේ වේවි! වෛද්‍ය පද්මා ගුණරත්න අනතුරු අඟවයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 6, 2021

පාලනය කළේ නැත්නම් තව සති 2කින් ලංකාවත් ඉන්දියාව වගේ වේවි! වෛද්‍ය පද්මා ගුණරත්න අනතුරු අඟවයි!

කොවිඩ් රෝගය පාලනය කිරීමට කළ යුතු වැඩපිළිවෙළ තවදුරටත් උනන්දුවෙන් සිදුකිරීම ඉතාම වැදගත් බවත්, එමේ නොවුණහොත් ඉන්දියාවට සිදුවූ දේ ලංකාවටද සිදුවීම ‌නොවැළැක්විය හැකි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ තවත් සති දෙකක් පමණ ගතවන විට රෝගය ආසාදනය වන සෑම 100 දෙනෙකුගෙන්ම 5 දෙනෙකු පමණ අසාධ්‍යවීමේ ප්‍රවණතාවයක් පවතින බවය.

කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ඒ බව සඳහන් කළාය.

“රෝගය ආසාදනය වෙන සෑම 100 දෙනෙකුගෙන්ම 5කට විතර අසාධ්‍යවීමේ ප්‍රවණතාවයක් තියෙනවා තව සති දෙකක් ඇතුළත. ඒකෙන් 2%ක් විතර මරණයට පත්වීමේ ප්‍රවණතාවයක් තියෙනවා තවත් සති දෙකක් විතර යනකොට. අපි අද නොසැලකිලිමත්ව හැසිරුණොත් අපිට ඉන්දියාවට වෙච්ච දේ වෙනවා කියන එක සැකයකින් තොරයි.”


No comments:

Post a Comment

Post Bottom Ad