දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යයි. ඊයේ 63ක්. ශ්‍රී ලංකාව ලෝකයෙන් 23, ආසියාවෙන් 13 - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 28, 2021

දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යයි. ඊයේ 63ක්. ශ්‍රී ලංකාව ලෝකයෙන් 23, ආසියාවෙන් 13

තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිත රෝගීන් 63 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) නිවේදනය කර තිබිණි.  පසුගිය සති කිහිපය තුළම සාමාන්‍යයෙන් දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පැවතියේ 50කට අඩු මට්ටමකය. ඒ අනුව ඊයේ දිනය වනවිට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාවෙහි පැහැදිලි වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. 

ප්‍රකට worldometers වෙබ්අඩවියට අනුව ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ලෝකයෙන්ම 23 වන ස්ථානයටත් ආසියාවෙන් නම් 13 වන ස්ථානයටත් පත්ව ඇත. 



No comments:

Post a Comment

Post Bottom Ad