කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් ඩයගම රැසකගෙන් ප්‍රකාශ ගනී.. දැරියගේ දේහය ගොඩගැනීම කල් යයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 28, 2021

කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් ඩයගම රැසකගෙන් ප්‍රකාශ ගනී.. දැරියගේ දේහය ගොඩගැනීම කල් යයි..

රිෂාඩ් බදුර්ඩින් මන්ත්‍රිවරයාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් කොළඹ පොලිස් කොට්ඨාශයෙන් ඩයගමට පැමිණි ප්‍රධාන පොලිස් පරික්ෂක වරුණි බොගහවත්ත මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායම තවදුරටත් එම වතු යායේ කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනිම සිදු කරනු ලබයි.

ඩයගම පොලිස් වසමට අයත් ඩයගම වත්ත බටහිර කොටසේ පදිංචි කිහිපදෙනෙකුගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගනු ලැබුහ.

එම පොලිස් කණ්ඩායම මිය ගිය දැරිය කොළඹට මෙහෙකාර සේවය සදහා රැගෙන ගිය තැරැව්කරුගේ පවුලේ සමාජිකයන්ගෙන් සහ මිය ගිය දැරියගේ පවුලේ සමාජිකයන්ගෙන් පැය 16 ක් ප්‍රකාශ ලබාගෙන ඇත.

ඉෂාලිනි දැරිය මිහිදන් කර ඇති ඩයගම බටහිර පොදු සුසාන භුමියට තවදුරටත් පොලිස් ආරක්ෂාව ලබාදි ඇත.

ඉෂාලිනිගේ සිරුර යලි ගොඩ ගැනිම සම්බන්ධයෙන් අනුගමනය කල යුතු නිතිමය තත්ත්වයන් පවතින නිසා  සිරුර ගොඩ ගැනිමේ කටයුකු දින කිහිපයක් ප්‍රමාද විය හැකි බව නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad