බාල දැරිය අපයෝජනය කළ විශාල නම් ලයිස්තුවක් එළියට! ප්‍රභූවරුන් රැසකගේ නම්! සීඅයිඩියට පැමිණිල්ලක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 14, 2021

බාල දැරිය අපයෝජනය කළ විශාල නම් ලයිස්තුවක් එළියට! ප්‍රභූවරුන් රැසකගේ නම්! සීඅයිඩියට පැමිණිල්ලක්!

අන්තර්ජාලය ඔස්සේ පහලොස් හැවිරිදි දැරියක් මිලට ගෙන දූෂණය කළ බවට විවිධ වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන නම් ලයිස්තුව අමූළික බොරුවක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේය.

කිසිදු පදනමක් නොමැතිව මෙම නම් ලයිස්තුව ප‍්‍රකාශයට පත් කර ඇති බවත් අමූලික බොරු ලයිස්තුවක් අන්තර්ජාලයට නිකුත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේය.

විපක්ෂයේ දේශපාලන ක‍්‍රියාකාරීන් ඉලක්ක කරගෙන මෙම නම් ලයිස්තුව ඉදිරිපත් කර තිබුණි. දේශපාලඥයින්, විපක්ෂයේ ක‍්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයින්ගේ නම් මෙයට ඇතුළත් කර තිබුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ද යොමු කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad