ඔන්ලයින් මගින් ගෙන්වන භාණ්ඩවලට බදු අය කීරීමට යන බව ඇමති බන්දුල පවසයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

ඔන්ලයින් මගින් ගෙන්වන භාණ්ඩවලට බදු අය කීරීමට යන බව ඇමති බන්දුල පවසයි


ඔන්ලයින් හරහා ආනයනය කරන භාණ්ඩවලට බදු අය කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව සලකා බලන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (ජූලි 20) පැවසීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ලොව වෙනත් රටවල පවතින තත්ත්වයන් ද එහිදී සැලකිල්ලට යොමු කරන බවය.

ඔන්ලයින් වෙළෙඳාම තුළින් ගෙන්වන භාණ්ඩවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

විද්‍යුත් වාණිජ වෙළෙඳාම වර්තමානයේදී ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad