කොතලාවල පනත 03 වැනිදා සම්මත කරනවා - ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

කොතලාවල පනත 03 වැනිදා සම්මත කරනවා - ජනපති

මතභේදයට තුඩු දී ඇති කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අගෝස්තු මස තුන් වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කිරීමේ වැඩමුළුවක් අගෝස්තු මස දෙවැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවද ජනාධිපතිවරයා පවසා තිබේ. මේ සම්බන්ධයෙන් රටේ වැරැදි මතයක් ඇති වී ඇතැයි ද එය නිවැරදි කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා කියා ඇත.

මෙකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දිනක විවාදයක් පවත්වා යළි විවාදයට ගැනීම අගෝස්තු මස තෙවැනි සතිය දක්වා කල් දැමුණේ ඊට එල්ල වූ විරෝධය මත ය.

මේ අතර පසුගිය සිකුරාදා (16 වැනිදා) පැවති බෞද්ධ උපදේශක කාරක සභාවේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම සරසවිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කරන බව ය.

– aruna


No comments:

Post a Comment

Post Bottom Ad