පසුපෙල මන්ත‍්‍රීන්ට අධීක්‍ෂණ මන්ත‍්‍රී ධුර ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 17, 2021

පසුපෙල මන්ත‍්‍රීන්ට අධීක්‍ෂණ මන්ත‍්‍රී ධුර !

ආණ්ඩු පක්ෂයේ තනතුරු මෙතෙක් ලබා දී නොමැති මන්ත්‍රීවරුන් සඳහා අධීක්ෂණ මන්ත්‍රී ධුර ලබාදීමට අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී.

කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍යාංශ වල අධීක්ෂණ මන්ත්‍රී වරු ලෙස නොව රජය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කරනු ඇතැයි ද වාර්තා වෙයි.

එම මන්ත‍්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික් වලම අධීක්ෂණ මන්ත්‍රී වරු ලෙස ද ඔවුන් පත් කිරීමට යෝජිතය ඒ අනුව මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම නුදුරේ දීම සිදු ඇතැයිද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad