රිෂාඩ් බදියුදීන් රෝහල්ගත කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 17, 2021

රිෂාඩ් බදියුදීන් රෝහල්ගත කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව රෝහල්ගත කර තිබෙනවා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඒ මහතාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත‍්‍රීවරයා රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටී.

එසේ රඳවාගෙන සිටිය දී අසනීපයක් ඇතැයි පැවසීම හේතුවෙන් මන්ත‍්‍රීවරයා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වනවා.


No comments:

Post a Comment

Post Bottom Ad