රියදුරු බලපත් ගන්න ගිහින් මත් ලෝලීයෙක් බව හෙළි වූවොත් දිවි ඇති තෙක් ලැබෙන දඬුවම - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 6, 2021

රියදුරු බලපත් ගන්න ගිහින් මත් ලෝලීයෙක් බව හෙළි වූවොත් දිවි ඇති තෙක් ලැබෙන දඬුවම

බර වාහන රියැදුරු බලපත‍්‍රයට අදාළ වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණි තිස් දෙනකුගෙන් ලබාගත් මුත‍්‍රා සාම්පලවලින් මත්ද්‍රව්‍ය පානය කළ බවට අනාවරණය වූ සිව් දෙනකු වෛද්‍ය පරීක්ෂණය අසමත් වී ඇති බව ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා ජාතික පුවත්පතකට සඳහන් කර තිබේ.

වෛද්‍ය පරීක්ෂණය අසමත් වූ එම පුද්ගලයන් සිව් දෙනා යළි දින දාහතරකින් පරීක්ෂණයට යොමු කරන අතර එහිදී ද වෛද්‍ය පරීක්ෂණය අසමත් වුවහොත් දිවි ඇතිතෙක් බර වාහන රියැදුරු බලපත‍්‍ර ලබා ගැනීමේ හැකියාව අහිමි වන බව ද සභාපතිවරයා සඳහන් කර තිබුණා.

බරවාහන රියැදුරු බලපත‍්‍රවලට අදාළ වෛද්‍ය සහතික ලබා ගැනීමේදී මත්ද්‍රව්‍ය පානය කළ බවට අනාවරණය වුවහොත් දිවි ඇතිතෙක් රියැදුරු බලපත‍්‍රය අහෝසි වීමට නියමිත බවයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

-colombotoday


No comments:

Post a Comment

Post Bottom Ad