විශ්වාසභංගයේදී අතුරුදන් මන්ත්‍රීවරුන් මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

විශ්වාසභංගයේදී අතුරුදන් මන්ත්‍රීවරුන් මෙන්න

අද පාර්ලිමේන්තුවේදී පැවති උදය ගම්මන්පිළ මහතාට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීමේ අවස්ථාවට, ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහබාගි වී නොමැති බව වාර්තා වේ. ඒ චමල් රාජපක්ෂ, විජයදාස රාජපක්ෂ සහ උදයකාන්ත ගුණතිලක යන මන්ත්‍රීවරුන් ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ එම මන්ත්‍රීවරුන් පසුගිය දින කිහිපයක තිස්සේ අසනීපව සිටින බැවින් අද දින පාර්ලිමේන්තුවට නොපැමිණි බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩු පක්ෂයට හිතවාදීව ඡන්දය ප්‍රකාශ කළ නැගෙනහිර පළාතේ මුස්ලිම් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද අද විශ්වාසභංගයට සහභාගි වී නැත.

මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ තිබුණේ නැත.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා තිබුණේ අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව සිටින රිෂාඩ් බතියියුදීන් සහ වේලු කුමාර් සහ රටින් බැහැරව සිටින හරින් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවට නොපැමිණි බැවින් ඔවුන්ගේ ඡන්ද විශ්වාසභංගය වෙනුවෙන් ප්‍රකාශ නොවූ බවයි.

සමගි ජනබලවේගය විසින් ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්ද 91කින් පරාජයට පත්විය.


No comments:

Post a Comment

Post Bottom Ad