විශ්වාසභංගයට රනිල් ගෙනා සංශෝධනය කතානායක ප්‍රතික්ෂේප කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

විශ්වාසභංගයට රනිල් ගෙනා සංශෝධනය කතානායක ප්‍රතික්ෂේප කරයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඊයේ (19) ඉදිරිපත් කළ සංශෝධනය පිළිගත නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටියේය.

ඒ, අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් සිය නිවේදන යටතේ නිවේදනයක් නිකුත් කරමිනි.

අදාළ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවේ සමස්ත අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගෙන ආ යෝජනාවක් ලෙස සැලකිය යුතු බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ සංශෝධනයේ දැක්වෙන්නේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දෙවන දින විවාදය අද පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදුකෙරෙනු ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad