ජනතා විශ්වාසය රැක්කාදැයිි ආණ්ඩුව පපුවට තට්ටුකර විමසිය යුතුයි - චන්දිම - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

ජනතා විශ්වාසය රැක්කාදැයිි ආණ්ඩුව පපුවට තට්ටුකර විමසිය යුතුයි - චන්දිම

විශ්වාසභංගයක් යනු අත උස්සා විසඳන්න හැකි දෙයක් නොවන බවත් ජනතාවගේ හදවතේ විශ්වාසය රැඳී තිබේ දැයි සොයා බැලිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි. ජනතා විශ්වාසය රැකගත්තාදැයි ආණ්ඩුව පපුවට තට්ටුකර ගත්තොත් සුදුසු බවද ඒ මහතා පැවසීය.

ඇතැම්විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන්නේ ජනතාවගේ මතය ද විශ්වාසය යන්න දැඩි ප්‍රශ්නාර්ථයක් එහිදී ඔහු කියා සිටී.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ හික්කඩුවේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad