හිටපු මන්ත්‍රී (අමුඩයා) අමුඩයක් ගහන් මහවිලච්චියේ බස් නැවතුම මතට නගියි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 12, 2021

හිටපු මන්ත්‍රී (අමුඩයා) අමුඩයක් ගහන් මහවිලච්චියේ බස් නැවතුම මතට නගියි

ගොවීන්ගේ ගැටලු පිළිබඳව අදහස් පළ කරන ගොවි නායකයන් මර්දනය කිරීම සහ ජනතා ගැටළු ප්‍රචාරය කරන මාධ්‍ය ආයතන මර්දනය කිරීමට එරෙහිව අනුරාධපුර නුවරගම්පළාත හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයකු වන අනුර බණ්ඩාර මහතා (අමුඩයා) මහවිලච්චියේ බස් නැවතුමේ වහලය මත නැගී අද (12) පෙරවරුවේ විරෝධතාවක නිරත විය.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙකම නියෝජනය කළ අයෙකි.

මහවිලච්චියේ බස් නැවතුමේ වහලට මතට නැඟුණු ඔහු කළු පැහැති අමුඩයක් හැඳ ගොවීන්ගේ ගැටලුවලට කඩිනම් විසැඳම් ඉල්ලා මෙසේ විරෝධය දැක්වීය.


No comments:

Post a Comment

Post Bottom Ad