කොරෝනා ප‍්‍රතිදේහ වාර්තා මාධ්‍යට නොදෙන්නැයි දන්වයි.. සංවේදී නිසා වෙන්න ඇති - චන්දිම ජීවන්දර - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

කොරෝනා ප‍්‍රතිදේහ වාර්තා මාධ්‍යට නොදෙන්නැයි දන්වයි.. සංවේදී නිසා වෙන්න ඇති - චන්දිම ජීවන්දර

කොරෝනා ප්‍රතිදේහ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වාර්තා කිසිදු මාධ්‍යයකට ලබා නොදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යතනයට දන්වා තිබේ.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් මින් ඉදිරියේ දී ලබා දෙන බවයි.

මෙම වාර්තා පිළිබඳව තමන්ට කිසිවක් මාධ්‍ය වෙත ප්‍රකාශ නොකරන ලෙස අමාත්‍යාංශය දන්වා ඇත්තේ මෙය ඉතා සංවේදී කරුණක් වන වන බැවින් යැයි විශ්වාස කරන බවද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad