රටට සෙත්පතා පිරිත් දැමූ හාමුදුරුවන්ට වෙච්ච දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

රටට සෙත්පතා පිරිත් දැමූ හාමුදුරුවන්ට වෙච්ච දේ !

ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් පිරිත් දේශනා විසුරුවා හැරීමට උර ණවු පුද්ගලයකු විහාරස්ථානයක හිමි නමකට පොල්ලකින් සහ අතින් පයින් පහරදි ඇතැයි ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

පහර කෑමට ලක්වූ ඇල්පිටිය වල්අඹගල බෙරලියමුකලාන සත්බෝධි තපෝවන ආරණ්‍ය සේනාසන වාසී හිමි නම පොලිසියට පැමිණිලි කර ප්‍රතිකාර සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළත්ව ඇත.

රටේ පවතින වසංගත තත්ත්වය නිසා රටටත් ජනතාවටත් සෙත්පතා මෙම ආරණ්‍ය සේනාසනය දිනපතා උදේ සවස ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් පිරිත් දේශනා විසුරුවා හරිනු ලබන අතර අසල පදිංචි සැකකරු එය නතර කරන ලෙසට අවස්ථා කිහිපයකදිම ත ර්ජ නය කර ඇත.

පෙරේදා (03 වැනිදා) දිනයේත් උදෑසන පිරිත් විකාශනය වෙද්දී මෙම පහරදිම කළ බවත් එම හිමියන් පොලිසියට පවසා ඇත.

මේ වන විට ප්‍රදේශයෙන් ප ලා ගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ගැමුණු චන්ද්‍රලාල් – ගාල්ල (අරුණ)


No comments:

Post a Comment

Post Bottom Ad