ඩෙල්ටා වේගයෙන් රට පුරා පැතිරෙමින්… මාසයකින් පාලනය ගිලිහේවි - ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

ඩෙල්ටා වේගයෙන් රට පුරා පැතිරෙමින්… මාසයකින් පාලනය ගිලිහේවි - ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන කතා ශ්‍රී ලංකාව පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් ඇතැයි සිතිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ මේ දිනවල පැතිරෙමින් පවතින එම ප්‍රභේදයේ ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දැක ගත හැකි වනු ඇති බවයි.

දැනට කොරෝනා මරණ අඩුවීමක් පෙන්නුම් කරන්නේ පසුගිය දිනවල ක්‍රියාත්මක වූ සංචරන සිමා නිසා බවද පවසන ඇය මේ අවස්ථාවේ දී රට තුළ එන්නත්කරණය ඉතා වේගවත් කළ යුතු බවද අවධාරණය කරයි.

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දක්නට ලැබෙනු ඇතැයි ද පැවසූ ඇය එවිට රෝගය පාලනය කර ගැනීමට හැකියාවක් නැති වනු ඇති බවද ඇති බවද කියා සිටියාය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.


No comments:

Post a Comment

Post Bottom Ad