විරෝධතා කරන සියළු දෙනා නිරෝධායනයට.. රෙදි අරන් එන්නැයි විරෝධතාකරුවන්ට රජය දන්වයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 12, 2021

විරෝධතා කරන සියළු දෙනා නිරෝධායනයට.. රෙදි අරන් එන්නැයි විරෝධතාකරුවන්ට රජය දන්වයි !

කොරෝනා වසන්ගතයෙන් ගැලවීමට උත්සාහ කරන අවස්ථාවක ජනතාව ඒකරාශී කර සිදුකරන උද්ඝෝෂණ මගින් සිදුවන්නේ කොරෝනා මාරයාට යළි අතවැනීමක් බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

එනිසා උද්ඝෝෂණ සිදුකරන්නට එරෙහිව අනිවාර්යෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

උද්ඝෝෂණ විරෝධතා කරන්නට කිසිවකු එන්නේ නම් ඇඳුම් කිහිපයක්ද රැගෙන නිරෝධායනයට යන්න සූදානමින් පැමිණෙන ලෙස දැනුම්දෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙය කිසිවිටෙක තර්ජනයක් නොව ජනතාවට තිබෙන ආදරේ නිසා කරන ඉල්ලීමක් ලෙස සලකන්නැයිද ඔහු පැවසීය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad