ඇමති හයකගේ ධුර මාරු..? විමල්-ගම්මන්පිල ඒ අතර…? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 18, 2021

ඇමති හයකගේ ධුර මාරු..? විමල්-ගම්මන්පිල ඒ අතර…?

ඉදිරි දිනවල රජය විසින් සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කැබිනට් අමාත්‍යංශ හයක පමණ වෙනස්කම් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

රජයේ නව දේශපාලන ප්‍රතිසංස්කරණ යටතේ මෙම කැබිනට් වෙනෙස සිදුකිරීමට නියමිත බව සඳහන්ය.

රජයේ ඉහළම පෙළේ නම් සඳහන් කිරීමට අකැමැති වූ ප්‍රකාශකයෙක් සඳහන් කළ ආකාරයට කැබිනට් අමාත්‍යංශ 6ක පමණ විෂයන් මාරු කිරීමට යෝජනා වී තිබේ.

එලෙස මාරු කෙරෙන විෂයන් වන්නේ විදේශ, අධ්‍යාපන, කර්මාන්ත, බලශක්ති, ප්‍රවාහන හා නිවාස යන විෂයන් බවද සඳහන් වෙයි. මේ හැර තවත් විෂයන් දෙකක් මාරුකළ යුතු බවට ඉහළ පෙළේ සාකච්ඡාවක් ඇතිවී තිබේ. එහෙත් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැත.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී දැනට පුරප්පාඩුව පවත්නා කැබිනට් අමාත්‍ය තනතුරු 2 සහ රාජ්‍ය අමාත්‍ය ධුර 1න් කිහිපයක් සඳහා නව පත්වීම් සිදුකළ යුතු බවටද යෝජනා වී තිබේ.

– deshaya

No comments:

Post a Comment

Post Bottom Ad