ඩෙල්ටා විශාල පැතිරීමක්.. ලංකාවට බේරීමක් නෑ..- ඇමති චන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 17, 2021

ඩෙල්ටා විශාල පැතිරීමක්.. ලංකාවට බේරීමක් නෑ..- ඇමති චන්න

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ගැලවීමට ශ්‍රී ලංකාවට පමණක් හැකියාවක් නැතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
එම ප්‍රභේදය අද වන විට ලෝකයේ බොහෝ රටවල ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවේද ඉදිරියේ දී සුලභ වශයෙන් මෙම ප්‍රභේදය පැතිරයාම බලාපොරොත්තු විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙරට තුළ දැනට භාවිතා කරන එන්නත් සියල්ලම එම වෛරස් ප්‍රභේදය සඳහා හොඳින් ප්‍රතිචාර දක්වන බව විද්‍යාඥයන් පෙන්වා දී ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad