රනිල්ටයි බැසිල්ටයි සාකච්ඡාකරල රට ගොඩනැගිය හැකියි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 18, 2021

රනිල්ටයි බැසිල්ටයි සාකච්ඡාකරල රට ගොඩනැගිය හැකියි..

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා කොට රට ගොඩනැංවිය හැකි බව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගිය 15දා කටුනායක ගුවන්තොටුපොළේ පැවති උත්වසයක් අවසානයේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විවිධ අවස්ථාව රට ගොඩනැගීම පිලිබඳව අදහස් දක්වා ඇති බවත් රට ගොඩනැංවීම සම්බන්ධව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ස නායකයා ලෙස රනිල් වික්‍රමසිංහට අවස්ථාව තිබෙන බවත් ඒ අනුව සාකච්ඡා කර බැසිල් රාජපක්ස සමග රට ගොඩනැංවිය හැකි බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad