ගම්මන්පිල බේරගන්න අපි තවම තීරණය කරලා නැහැ : පොහොට්ටු මහ ලේකම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 12, 2021

ගම්මන්පිල බේරගන්න අපි තවම තීරණය කරලා නැහැ : පොහොට්ටු මහ ලේකම්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයෙදී ඔහුට සහය දෙනවාද නැද්ද යන්න පිළිබඳව තවමත් තීන්දුවක් ගෙන නොමැති බවයි පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ.

ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග විශ්වාසභංගය විවාදය ගැනීමට තිබෙන්නේ හරියටම තවත් සතියක කාලයක්.

ජනපති හා අගමැති තීරණය කරයි

එම තීන්දුව ජනපතිවරයා හා අගමැතිවරයා සාකච්ඡා කොට පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දෙනු ඇති බවයි කාරියවසම් මහතා හෙළිදරව් කරන්නේ.

එහෙත් එම තීන්දුව ආණ්ඩුව අපහසුතාවයට පත්වීමේ තීන්දුවක් නොවන බවට මහලේකම්වරයා ඉඟියක්ද පළ කරනවා.

පොදුජන පෙරමුණ මහා ලේකම්වරයා විශ්වාසභංග යෝජනාව පිළිබඳව පොදුජන පෙරමුණේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළේ එක්තරා පෞද්ගලික රූපවාහිනි සේවාවක වැඩ සටහනකට එක්වෙමින්.

විශ්වාසභංග විවාදයට තව සතියයි

තෙල් මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව කරුණු දහයක් මුල්කොටගෙන සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ඉදිරිපත් කොට තිබෙනවා.

ඒ පිළිබඳ විවාදය එළඹෙන ජූනි 19 හා 20 යන දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තුව පක්ෂ නායකයින් තීරණය කොට තිබෙනවා.

ඒ සඳහා වූ ඡන්දය ජූනි මස 20 වැනි දින ගැනීමට නියමිතයි.

විශ්වාසභංගයට පාර කැපුවේ මහලේකම්

ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පාර කපා දුන්නේ පොදුජන පෙරමුණ ලේකම්වරයා විසින්.

තෙල් මිල වැඩි කිරීමේ වගකීම ගෙන ගම්මන්පිල අමාත්‍යවරයා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පොදුජන පෙරමුණ මහ ලේකම්වරයා ලෙස කාරියවසම් මහතා ප්‍රසිද්ධියට පත්කළ ලියුම නිසා ඇතිවූ ඇතිවූ අර්බුදකාරී තත්ත්වය මෙම විශ්වාසභංගයට පදනම් වුණා.


No comments:

Post a Comment

Post Bottom Ad