තාම ඕවරේ ඉවර නෑ. සාගර කාරියවසම් දැන් පාරේ යන්නේ ඇඳුම් නැතුව හෙළුවෙන් - නලින් බණ්ඩාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

තාම ඕවරේ ඉවර නෑ. සාගර කාරියවසම් දැන් පාරේ යන්නේ ඇඳුම් නැතුව හෙළුවෙන් - නලින් බණ්ඩාර

උදය ගම්මන්පිල මහතාට පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාට ඊයේ පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණීමට සිදුවුණේ ඇඳුම් නැතිව නිරුවතින් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. 

ප්‍රශ්නය - නෑවා නේද ? පරාදයි තුනෙන් දෙකකින් ?

"මේ අපි පන්දු ඕවරේ දාපු එක පන්දුවක් විතරයි. තව බෝල් 5ක් දාන්න පුළුවන් මේ ඕවරේට. පළවෙනි පන්දුවෙන්ම විකට් එකක් එන්නෙ නෑ, ඊළඟට අපට දාන්න තියෙනවා ගුග්ලි තියෙනවා, බවුන්සර් තියෙනවා, තව ගොඩක් බෝල් තියෙනවා. ඉස්සරහාට අපි ඒවා දාමු"

ප්‍රශ්නය - සාගර කාරියවසම් කෝ ? 

"ඇඳුම් නැතුව එනවා හෙළුවෙන් එක්කෙනෙක් දුවගෙන. ඒ සාගර කාරියවසම්. පොඩ්ඩක් අල්ලාගන්න. හැබැයි නිරුවත පෙන්නන්න එපා ඈ ... හරි නෑනෙ, කැතයි නෙ" 

නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව යද්දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad