රාජපක්‍ෂ සහෝදරයින් දෙස බලා හෝ විපක්‍ෂයේ පක්‍ෂ එක්විය යුතුයි - නවීන් දිසානායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 11, 2021

රාජපක්‍ෂ සහෝදරයින් දෙස බලා හෝ විපක්‍ෂයේ පක්‍ෂ එක්විය යුතුයි - නවීන් දිසානායක

රාජපක්‍ෂ සහෝදරයින්ගේ එකමුතුකම දෙස බලා හෝ විපක්‍ෂයේ පක්‍ෂ එකමුතුවිය යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි. විපක්‍ෂයට එකුවීමට නොහැකි නම් රාජපක්‍ෂ සහෝදරයින් පැරදවීමද හීනයක් වනු ඇතැයි ද පැවසූ නවීන් දිසානායක මහතා මෙසේද කීවේය.

දැන් බලන්න පුළුවන්වනේ රාජපක්‍ෂලාගේ තියෙන එකමුතුකම. බැසිල්ට දෙන්නේ නෑ කිව්වා. දෙන්නේ ආර්ථික සංවර්ධන ඇමැතිකම විතරයි කිව්වා. මුදල් බැසිල්ට දෙන්නෙ නෑ කිව්වා. අන්තිමට මොකද වුණේ? රාජපක්‍ෂවරු තුන්දෙනා එකතුවෙලා ඇමැතිකම් ටික ලස්සනට බෙදා ගත්තා.

බලයට තිබෙන කෑදරකම වෙනුවෙන් ඔවුන් ඕනෑම දෙයක් කරනවා. විපක්‍ෂයට මේක තේරුම් ගන්න බැරුව එකිනෙකාට චෝදනා කර කර ඉන්නවා. මෙහෙම ගියොත් රාජපක්‍ෂවරු පරාජය කිරීම කෙසේ වෙතත් දවසින් දවස විපක්‍ෂය දියවෙලා යයි.

කමල් බෝගොඩ
දිවයින



No comments:

Post a Comment

Post Bottom Ad