ජාතික කණ්ඩායමේ ක‍්‍රිඩකයෝ ශ‍්‍රී ලංකා ලාංජනය ඇදුමට දාන්න බෑ කියති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 13, 2021

ජාතික කණ්ඩායමේ ක‍්‍රිඩකයෝ ශ‍්‍රී ලංකා ලාංජනය ඇදුමට දාන්න බෑ කියති

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පුහුණුවීම් සිදු කරද්දී ශ්‍රී ලංකාවේ ලාංඡනය එම ඇඳුම් වලට එක් කිරීමට විරෝධය පල කර ඇතැයි ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

ක‍්‍රීඩක කොන්ත‍්‍රාත්තු අත්සන් කිරීමට නීතිඥයන් හරහා වර්තමාන ක්‍රීඩකයන් කොන්දේසි දමා ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

කණ්ඩායමේ හතර පස් දෙනෙක් නායකත්ව බල තණ්හාව පෙරේත කම නිසා හැමෝම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වී ඇතැයි ද ඔහු පැවසීය.

නායකයා වීසට එක එක්කෙනා ඇණ කොටා ගන්නා බවද එක්කෙනාගෙ කකුලෙන් අදින බව ද ඒ මහතා කියයි.

හිරු රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

තමන් ක්‍රීඩා කරන කාලයේ නායකත්වයට කිසිවෙකු අතර බල පෙරේතකමක් නොතිබුණු බවත් තමන්ට වඩා කනිෂ්ඨ ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන නායකත්වයට පත් වූ අවස්ථාවේ තමන් ඇතුළු සියලු දෙනාම ඔහුට සහාය දුන් බව ද මුරලිදරන් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ද ප්‍රසිද්ධියේම සමාජ ජාල මගින් චෝදනා කර ගැනීම මෙරට ක්‍රිකට් පරිහානියට හේතු වී ඇතැයිද ඔහු එහිදී තව දුරටත් පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad