කෝටි හාරදහසක් වංචා කල බවට හිටපු ජනපතිට චෝදනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 25, 2020

කෝටි හාරදහසක් වංචා කල බවට හිටපු ජනපතිට චෝදනා !

‘එළැඹෙන මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෛත්‍රිපාල සිරිසේන අනිවාර්යයෙන්ම පරාද වෙනවා. බලය තිබුණ සහ තියෙන මිනිස්සු කවුද කියලා පොළොන්නරුවේ මිනිස්සු දැන් දන්නවා’ යැයි පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.
මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉතා පැහැදිලිව කිව්වා සන්ධානය ගොඩනැගීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම් තනතුරක් දුන්නා. එයට පත් කරන පුද්ගලයා තීරණය කළේ අපි නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් කියලා. මම හොඳටම දන්නවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ලක්ෂ පහළොවක් නැහැ. උපරිම ඇති ඡන්ද ලක්ෂ දෙකක්. ශ්‍රී ලංකාකාරයෝ ඔක්කොම පොහොට්ටුවට ඇවිල්ලා ඉවරයි.

මෙතැනදී අපි බලන්න ඕනෑ දේ හතරවිලිලැජ්ජාවක් තියෙනවා නම් මෛත්‍රිපාල සිරිසේනට පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද කියල. එයාට තනතුරක් නැතුව ඉන්න බැහැ. එහෙම නැතුව මේ ඡන්දෙ ඉල්ලන්නේ මිනිස්සුන්ට තියෙන ආදරේකට නෙමෙයි.

මම පොළොන්නරු ජනතාවට කියනවා මේ සැරේ හොඳට බලන්න ශ්‍රී ලංකා යූඑන්පී, පොහොට්ටු මොන පක්ෂය බලයට ආවත් ඇමැතිකම් ගත්ත අය කවුද කියලා. එයාලව පරාද කරන්නම ඕනෑ. මෛත්‍රිපාල සිරිසේන පිබිදෙන පොළොන්නරුව කියල තනිකරම කළේ මූල්‍ය වංචාවක්. කෝටි හයදහස් තුන්සීයක් පොළොන්නරුවට වියදම් කළා කියලා කියනවා. ඒත් මම ඉතා වගකීමෙන් කියනවා කෝටි හාරදහසකට වඩා ගසා කෑවා.

මම ජනාධිපතිතුමාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කරන්න සූදානම් මේ පිළිබඳ වෝහාරික විගණනයක් සිදු කරන්න කියලා. මම කවදාවත් ​පොළොන්නරුව ජනතාව දාලා යන්නේ නැහැ. ​පොළොන්නරු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් හැමදාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දේශපාලනය කරනවා.

– aruna


No comments:

Post a Comment

Post Bottom Ad