ජොකියා මාරු කරලා උත්තර හොයන්න බෑ පොහොට්ටුවට ඡන්දෙ දුන්න අයට ලැජ්ජ නැද්ද ? (Video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 4, 2021

ජොකියා මාරු කරලා උත්තර හොයන්න බෑ පොහොට්ටුවට ඡන්දෙ දුන්න අයට ලැජ්ජ නැද්ද ? (Video)

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් ප්‍රශ්න කිරීමට පෙර පොදුජන පෙරමුණට ඡන්දය ලබාදුන් ජනතාවගෙන් ප්‍රශ්න කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරන්නේ පොදුජන පෙරමුණට පසුගිය මැතිවරණවලදී ඡන්දය ලබාදුන් පුද්ගලයන්ගෙන්, 'ඔබට ලැජ්ජ නැද්දැ'යි ඇසීමට සිදුවන බවයි.

2015 ජනාධිපතිවරණයේදී ලැබූ පරාජයත් සමග බැසිල් රාජපක්ෂ මහතා රටින් පලාගිය බවත් ඔහුට ගොඩ ගැනීමට නොහැකි වූ රට ගොඩ ගැනීම සඳහා 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ බවත් පෙන්වා දෙන බිමල් රත්නායක මහතා පවසන්නේ දැන් යළිත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ගොඩ ගැනීමට නොහැකි වූ රට ගොඩ ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙනඒමට සූදානම් වන බවයි.

ජොකියා මාරුකළ පමණින් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගත නොහැකි බවත් තනි පුද්ගලයෙකුට රට ගොඩගත නොහැකි බවත් දැන් හෝ රටේ ජනතාව තේරුම් ගතයුතු බවයි බිමල් රත්නායක මහතා පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad