සූර් වූ තලෙයිමන්නාරම් පොලිස් නිලධාරීන් පිරිසක් නිවාස 07ක් කුඩු කරලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 19, 2021

සූර් වූ තලෙයිමන්නාරම් පොලිස් නිලධාරීන් පිරිසක් නිවාස 07ක් කුඩු කරලා!

තලෙයිමන්නාරම පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් බීමතින් නිවාස වලට කඩා වැදී නිවැසියන්ට පහර දීමේ හා එක් නිවසක භාණ්ඩ විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එම ගම්වාසීන් වවුනියාව නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් හා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් 18 දා ඉල්ලීමක් කොට තිබේ.

මෙම පොලිස් කණ්ඩායම තලෙයිමන්නාරම ගම්මානයේ නිවාස හතකට කඩා වැදී ඉතා අශෝභන ලෙස හැසිරුණු බවත් ඔවුන්ගේ මුවෙන් මත්පැන් ගද වහනය වූ අතර සමහර පොලිස් නිලධාරීන්ට කෙලින් සිට ගැනීමටවත් නොහැකි තරමට ඔවුන් බීමතින් සිටි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට කල පැමිණිල්ලේ සදහන් වේ.

නිවෙස් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව කියමින් ඔවුන් නිවෙස් වලට පැමිණ නිවැසියන් කීප දෙනෙකුට පහර දි එක් නිවසක භාණ්ඩ පොලොවේ ගසා තිබේ.

තලෙයිමන්නාරම ගම්මානයේ දෙපිරිසක් අතර මීට පෙර දිනයක ඇති වූ ආරවුලක් සමථයකට පත් කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් අල්ලස් ලබා ගැනීමක් පිළිබදව මේ ගම්වැසියන් තොරතුරු හෙළි කිරීම නිසා ඔවුන්ට පහර දුන් බවද තලෙයිමන්නාරම ගම්මානයේ වැසියෝ කියා සිටියහ.

- දිනසේන රතුගමගේ


No comments:

Post a Comment

Post Bottom Ad