මල්වතු අස්ගිරි මහ නා හිමිවරු සතියකටවත් රට වහන්නැයි ජනපතිට ලිඛිතව දන්වති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 19, 2021

මල්වතු අස්ගිරි මහ නා හිමිවරු සතියකටවත් රට වහන්නැයි ජනපතිට ලිඛිතව දන්වති

කොවිඩ් වෛසරය දැඩි ලෙස පැතිරී යන මේ අවස්ථාවේ දී ජන ජීවිත සුරක්ෂිත කිරීම සඳහා  විශේෂඥ සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශ පිළිපැද  සතියකට හෝ රට වසා දමන ලෙස මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු ජනපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටිති.

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අද වනවිට සමස්ථ රටවාසීන් මහත් ව්‍යසනයකට මුහුණපා සිටින බවත්, මරණ සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යමින් ඇති බවත් පෙන්වා දෙන උන්වහන්සේලා  තවත් විකෘති කොවිඩ් ප්‍රභේද මතුවිය හැකි අයුරු සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති බවට ජනපතිගේ අවධානය යොමු කරති.

ඉදිරි මාස කීපය තුළ ලංකාව තුළ ඇතිවිය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදය ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දී ඇති බව කියන උන්වහන්සේ මේ අවස්ථාවේ දී  සතියකට වත් රට වසා දමා සෞඛ්‍ය අංශවලට මෙම වසංගතය පාලනය කරගැනීමට උපකාර කරන ලෙස දන්වා සිටිති.

එම නිවේදනය පහත දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad