කාබූල් යටත් කරගත් තලේබානුවන් අවුරුදු 12ට වැඩි දැරියන් වහල් අඹුකමට ගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 16, 2021

කාබූල් යටත් කරගත් තලේබානුවන් අවුරුදු 12ට වැඩි දැරියන් වහල් අඹුකමට ගනී!

ඇෆ්ගනිස්ථානයේ අගනුවර වූ කාබූල් අත්පත් කරගත් තලේබාන් සටන්කාමීන් එහි සිටින වයස අවුරුදු 12ට වැඩි සියලුම දැරියන් සහ අවිවාහක කාන්තාවන් සිය බාරයට ගන්නා ලෙසට නියෝග කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තලේබාන් සටන්කාමීන්ගේ වහල් බිරින්දෑවරුන් ලෙස තබා ගැනීම සදහා මෙම නියෝගය නිකුත් කොට ඇති බව එම වාර්තා සදහන් කරයි.

ඒ අනුව මේ වනවිට තලේබාන් සටන්කරුවන් කාබූල් අගනුවර නිවාස පීරමින් අවුරුදු 12ට වැඩි සියලුම දැරියන් සිය භාරයට ගනිමින් සිටින බව වාර්තා වේ.

මේ අතර ඇෆ්ගනිස්තාන ජනපති අෂ්රෆ් ඝානී, තජිකිස්තානය වෙත ප ලා ගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad