නගරාධිපති දයාන් ලන්සා මැදිහත් වී මීගමුව නගරය වසයි… රටේ නගර 18ක් ස්වේච්ඡාවෙන් “ලොකප්“ වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 18, 2021

නගරාධිපති දයාන් ලන්සා මැදිහත් වී මීගමුව නගරය වසයි… රටේ නගර 18ක් ස්වේච්ඡාවෙන් “ලොකප්“ වෙයි!

මීගමුව නගරය හෙට සිට (19) සතියක් වසා දැමීමට කටයුතු කරන බව මීගමුව මහ නගරාධිපති දයාන් ලන්සා පැවසීය.

මීගමුව නගයේ වෙළෙඳ සංගම් 05 සමග සාකච්ඡා කර තමන් මෙම තීන්දුව ගත් බව ඔහු වැඩිදුරටත් කීවේය.

කොවිඩ් මර්ධනය කටයුතු සඳහා රජයටත් සෞඛ්‍ය අංශවලටත් සහාය ලබා දීම වෙනුවෙන් මේ තීන්දුව ගත් බව ද ඔහු පැවසීය.

එහෙත් පෙරේදා (16) මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ නගර වැසීම රට අක්‍රීය කිරීම සඳහා කරන දේශපාලන කුමන්ත්‍රණයක් බවය.

හෙට සිට දඹුල්ල නගරය වසා දැමීමට වෙළෙඳ සංගම් තීරණය කර ඇත. අම්පාර නගරයේ වෙළඳසැල් අද සිට 25 වනදා තෙක් සතියක් වසා දැමීමට අම්පාර නාගරික එකමුතු වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

කඩ සාප්පු වසා දැමීමට මුලින්ම ගමිපහ, මරඳගහමුල සහ වේයන්ගොඩ නගරවල ව්‍යාපාරික සංගම් ක්‍රියා කළ අතර පෙරේදා (16)දිනයේ සිට කැකිරාව නගරයද සම්පූර්ණයෙන් වසා දැමීමට එහි වෙළෙඳ සංගම් පියවර ගෙන තිබුණි. මීට අමතරව අම්බලන්තොට මරදගහමුල අම්බලන්ගොඩ දංකොටුව සේරුනුවර පළාපත්වල බලංගොඩ වලපනේ ඇඹිලිපිටිය මාතලේ ඇතුළු නගර 18ක් මේ වනවිට ස්වේච්ඡාවෙන් වසා දමා තිබේ.

-කීර්ති ප්‍රනාන්දු


No comments:

Post a Comment

Post Bottom Ad