රනිල් ආණ්ඩුවට? අද ජනපති මුණගැසීමට නියමිතයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 17, 2021

රනිල් ආණ්ඩුවට? අද ජනපති මුණගැසීමට නියමිතයි!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද දින විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට අයත් ‘ලංකාදීප’ වෙබ් අඩවිය වාර්තා කොට ඇත්තේ ඊයේ දින රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපතිවරයා අතර සිදුවූ දුරකතන සංවාදයකින් පසු මෙම හමුව සිදුව ඇති බවකි.

මේ අතර පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තැබීමටද පියවර ගෙන ඇත.

ඒ මෙසේය.

රටේ උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳව ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වේ.

රටේ ඇතිවී තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරෙමින්, මහජන ජීවිත විශාල ප්‍රමාණයක් රටට අහිමි වෙමින් තිබෙන මේ මෙහොතේ එය වළක්වා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට ගතයුතු කඩිනම්, විධිමත් පියවර සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

වසංගතය පැතිරයාම පාලනය කිරීම, රටේ ආර්ථිකය කඩා නොවැටී ඉදිරියට පවත්වාගෙන යාම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට නියමිතය.

කෙසේවෙතත් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණි දින සිටම ‌කියවුණු තොරතුරුවලින් කියවුණේ වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ වුවමනාව මත පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවත්, නුදුරේදීම ආණ්ඩුවට එක්වීමට නියමිත බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad