BMICH එකේ බල්ලන් 15කට වහ දීලා.... 140,000ක කොන්ත්‍රාත්තුවක් - කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 17, 2021

BMICH එකේ බල්ලන් 15කට වහ දීලා.... 140,000ක කොන්ත්‍රාත්තුවක් - කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්!

කොළඹ – බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීර්ඝ කාලයක් ජීවත්ව සිටි සුනඛයින් 15 දෙනෙකු පමණ වස එන්නත් කර මරා දමා ඇතැයි චෝදනා කරමින් සත්ත්ව අවිහිංසාවාදී සංවිධානයක් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

ඒ, සත්ත්ව පනත යටතේය.

එම සංවිධානය ප්‍රකාශ කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධානියෙකු විසින් රුපියල් 140,000ක කොන්ත්‍රාත්තුවක් මත එම සුනඛයින්ට වස එන්නත් කර මරා දමා ඇති බවකි.

එසේම අදාළ සුනඛයින් පිරිස සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන විසින් වන්ද්‍යාකරණයට හා එන්නත්කරණයට ලක් කර තිබූ බව ද සදහන්ය.

එසේ තිබියදීත් එම සුනඛයින් පිරිස ඝාතනය කර ඇති බවට සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන ප්‍රකාශ කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad